පනයනකරුවන්ගේ මහඟු කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය දිනෙන් දින වර්ධනයක් දක්නට ලැබෙන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, අපනයන ක්ෂේත්‍රයට අදාල ගැටළු නිරාකරණය වෙනුවෙන් පවත්වනු ලබන  අපනයන සංසද හමුව අමතමිනි. අපනයන ක්‍රියාවලියේදී එම සමාගම් මුහුණ දෙන විවිධාකාර ගැටළු හා දුෂ්කරතා සඳහා ක්ෂණික විසඳුම් ලබාදීමත්, ඒවාට නිසි පිළියම් ලබාදීමත් වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රේඛීය ආයතන වල සහභාගීත්වයෙන් මෙම සංසදය පැවැත්වේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ මෙය ඊයේ (25 දා) පස්වරුවේ එම මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පෙර වසරේ සම කාලය හා සැසඳීමේදී 2014 වසරේ ජනවාරි – අගෝස්තු කාලය තුල දේශීය අපනයන 14.03% ක වර්ධනයක් ලබා තිබෙන බවයි. එමෙන්ම එය ඇමරිකානු ඩොලර් බිලියන 7.34 ක ඉපැයීමක් බැව්ද, 2020 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 20 ක් ඉපැයීමේ රජයේ ඉලක්කය සාර්ථක කරගැනීම වෙනුවෙන් අපනයකරුවන්ගේ දායකත්වය අතිශයින් වැදගත් බවද හෙතෙම තවදුරටත් පැවසීය.
 edb forum 03
මින් පෙර වකවානු වලදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යභාරය වූයේ අපනයන පහසුකම් සපුරාලීම වුවද, ගෝලීය ආර්ථික ප්‍රවණතා හේතුකොට ගෙන එය වඩා සංකීර්ණ වී ඇතැයිද අමාත්‍ය බදියුදීන් මහතා සඳහන් කළේය. ඒ අනුව, ජාත්‍යන්තර වෙළඳපොළ තත්වයන් නිරීක්ෂණය කිරීමත්, ඒවාට ගැලපෙන පරිදි උපාය මාර්ග සැකසීම හා ඒවා ක්‍රියාත්මක කිරීමත්, නිෂ්පාදනයන්හි අගය වැඩිකිරීම මෙන්ම නව වෙළඳපොළ අවස්ථා ප්‍රවර්ධනය කිරීම වැනි අංශ දක්වා එය පුළුල් වී ඇතැයිද ඒ මහතා පැවසීය. මෙම ක්‍රියාදාමයේ විපුල ප්‍රයෝජන ලබාගැනීමට නම් අපනයනකරුවන්, අපනයන අංශයට අනුබද්ධිත ආයතන, සංවිධාන හා ක්ෂේත්‍රයට අදාල රාජ්‍ය ආයතන එක්ව සාමූහිත ප්‍රයත්නයක් දැරීම වඩා යෝග්‍ය බැව් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අනුර සිරිවර්ධන මහතා මෙහිදී පවසා සිටියේ, ක්ෂේත්‍රයට සම්බන්ධ සියළු අංශ මේ ආකාරයට එක මේසයක හිඳිමින් ගැටළු සඳහා පිළියම් සෙවීම ක්ෂේත්‍රයේ උන්නතියට ඉවහන් වන බවයි. දේශීය අපනයන ක්ෂේත්‍රය මේ වන විට ඉතා හොඳ තත්වයකට පැමිණ ඇතැයි පැවසූ ලේකම්වරයා, අපනයන ක්ෂේත්‍රයේ දියුණුව අතිගරු ජනාධිපතිවරයාගේ ද අභිලාෂය බැව් පැවසීය. තවද, අපනයනකරුවන්ගේ ගැටළු නිරාකරණය කොට, යහපත් පරිසරයක් නිර්මාණය කරදීම වෙනුවෙන් තම අමාත්‍යාංශය නිරන්තරයෙන් කැපවීසිටින බවද සිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර ඇති නවතම අපනයන දත්ත අනුව, මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ අපනයන ප්‍රගතිය මෙසේය. කෘෂිකාර්මික නිෂ්පාදන තුළින් ඉපැයූ මුළු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.778 ක් වූ අතර, එය පෙර වසරට (2013) සාපේක්ෂව 3.18% ක වර්ධනයකි. නිෂ්පාදන භාණ්ඩ වලින් ලද මුළු ඉපැයීම ඇ.ඩො.බිලියන 1.623 ක්වූ අතර, එය 2.5% ක ඉහළ –
  edb forum 04
 යාමකි. ඇඟලුම් වලින් ඇ.ඩො.බිලියන 3.24 ක් උපයා තිබූ අතර, එහි වර්ධනය 0.65% ක්ද, කාර්මික නිෂ්පාදන මගින් ඇ.ඩො.බිලියන 5.34 ක් උපයා තිබූ අතර, එහි වර්ධනය 0.91% ක්ද විය. තේ නිෂ්පාදන ආදායම ඇ.ඩො.බිලියන 1.07 ක් වූ අතර එය 3.09% ක වැඩිවීමකි. පොල් ආශ්‍රිත නිෂ්පාදන ආදායම ඇ.ඩො.මිලියන 356 ක් වූ අතර, එය 4.2% ක වර්ධනයකි. සෙසු අපනයන භෝග ආදායම ඇ.ඩො.මිලියන 315 ක් වූ අතර, එය 4.7% ක ඉහළ යාමකි. තවද එම මණ්ඩලය නිකුත් කළ අදාල සංඛ්‍යාලේඛණ අනුව 2014 වසරේ අගෝස්තු මස පමණක් සැලකීමේදී අපනයන ආදායම ඇ.ඩො.මිලියන 978 ක්වූ අතර, ජූලි මාසයේ අපනයන ආදායම වූ ඇ.ඩො.මිලියන 955 හා සැසඳීමේදී එය 2.4% ක වර්ධනයක් පෙන්නුම් කරන්නකි.
 
 
ඉදිරිපත්ව තිබූ සංකීර්ණ මට්ටමේ ගැටළු 35 ක් අතරින් 25% ක් සඳහා ක්ෂණික විසඳුම් ලබාදීමට හැකිවීමත්, සෙසු ඒවා වැඩිදුර විමර්ෂණය කොට අවශ්‍ය පිළියම් යෙදීමට අදාල අංශ වල අවධානය යොමුකරවීමත් මෙවර සංසදයේ කැපී පෙනෙන සිද්ධියක් විය. මෙම ගැටළු වලින් වැඩි ප්‍රමාණයක් වැට්බදු ප්‍රතිපූර්ණය කිරීම ප්‍රමාදවීමට අදාල ඒවා විය.
 edb forum 02
මෙම අවස්ථාවේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ, අධ්‍යක්ෂ ජනරාල් සුජාතා වීරකෝන්, විධායක අධ්‍යක්ෂක, යූසුෆ් කේ.මරික්කාර්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සීතා සේනාරත්න යන මහත්වරුන් සහ මහත්මීන්ද සහභාගී වූ අතර, අපනයන සමාගම් 110 ක නියෝජිතයින්ද, වාණිජ මණ්ඩල නියෝජිතයන්ද, මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වන සම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, වෙළඳ තීරුබදු සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය, වරාය අධිකාරිය, ගුවන්සේවා, ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් හා ප්‍රධානීන් විශාල පිරිසක්ද, පැමිණ සිටියහ.
                                                                                                                                                                                                     (ඡායාරූප – සේනක කුරුප්පු – අපනයන සංවර්ධන මණ්ඩල මාධ්‍ය ඒකකය)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *