
මන්නාරම දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් 100 දෙනෙකු ඇගයීමට
මන්නාරම දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් 100 දෙනෙකුට ඇගයීමේ සහ ආධාර ලබා දීමේ වැඩසටහනක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, කොන්ඩච්චිහිදී පැවැත්විණ,
එයට සමගාමීව ප්‍රදේශයට විශේෂ සේවාවක් කරන සමාජ ක්‍රියාකාරීකයන් ඇගයීමට ලක් කරමින් සම්ම්ාන පිරිනැමීමද සිදු කෙරිණ.
රිෂාඩ් බදියුදීන් පදනම විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ. මහජන නියෝජිතයන්, සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.