සමස්ත ලංකා මහජන පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරීපත්ව සිටින මහජන නියෝජිතයන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව සර්වෝදය ආයතනයේ දී පැවැත්විණ.
නැගෙනහිර, සහ උතුරු පළාතේ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් මෙම වැඩ මුලුවට සහභාගී වී සිටියහ.28දින සිට 30 දින දක්වා නේවාසික වැඩමුලුවක් ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.