වෙන්කාලේ ප්‍රදේශයේ ධීවරයින් මුහුණදෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් 26දා පැවැත්විණ.
ධීවර කර්මාන්තයේදී මුහුණපෑමට සිදුවන ගැටළු, උපකරණ අවශ්‍යතා පිළිබඳව ජනතාවගේ ගැටළු වලට විසඳුම් ලබාදීම, සහ ධීවර කර්මාන්තයේ යෙදීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණ.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් මොහාන්දාස්, යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *