සියලු සමූපකාර සේවකයන්ට රු.1,000.00 ක මාසික විශේෂ දීමනාවක් ගෙවන ලෙස සමූපකාර සේවක කොමිෂන් සභාව 2018.08.15 දාතමින් 2018/04 දරණ චක්‍රලේඛය මගින් සියලුම සමූපකාර වෙත දන්වා තිබේ. එම දීමනාව 2018 ජුලි 07 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවු ලැබේ.
පසුගිය ජූලි 07 වනදා මඩලපුවේ පැවති ජාත්‍යන්තර සමූපකාර දින ජාතික උත්සවයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සියලුම සමූපකාර සේවකයින්ගේ මාසික වැටුප රු.1,000.00 කින් වැඩි කරන ලෙස කරන ලද ඉල්ලීම අනුව සමුපකාර සේවක කොමිෂන් සභාව මෙම වැඩි කිරීම සිදු කර තිබේ. මේ අනුව රට පුරා සමූපකාර සේවයේ නියුතු සේවක සේවිකාවන් 65,000 කට පමණ මෙම විශේෂ දීමනාව මාසිකව හිමි වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.
එසේම සමූපකාර ක්ෂේත්රය තුළ සුවිශේෂී සංවර්ධනයන් ඇති කරමින්, එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉළක්ක ජයග්‍රහණය කරමින්, නවීන සමූපකාරයක් ගොඩනැංවීමේ කාර්යයට දායක වන අපේ සමූපකාර සේවකයන්ට ඉදිරියේදී තව තවත් ප්රතිලාභ ලබා දෙන බව අමාත්‍යවරයා පවසයි.