නුදුරු අනාගතයේදී සැලසුම් කර ඇති චීන ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ශ‍්‍රී ලංකා අපනයන වර්ධනය කිරීමට උපකාරී වන ප‍්‍රබල නිර්ණායකයක් වනු ඇතැයි බෙල්ජියම ප‍්‍රකාශ කරයි.

ශ‍්‍රී ලංකාවේ සිටිය බෙල්ජියම් රාජ්‍යයේ ගරු කොන්සල්වරයා වන පියරේ ප්රින්ගියර්ස් මහතා (Pierre Pringiers) මෙලෙස ප‍්‍රකාශ කළේ, බෙල්ජියම් බ්රාසල්ස් ප‍්‍රාන්තයේ ආර්ථික හා වාණිජ අමාත්‍යවරිය වන සෙලීනි ෆේරේ මෝල්ට් මහත්මිය (Celine Fremault) විසින් නායකත්වය දුන් ආයෝජන සහ වෙළඳ දූත පරිසක් සමඟ අමාත්‍ය බදියුදීන් මහතා පැවැත්වූ විශේෂ සාකච්ඡාවක් අවස්ථාවේදීය. මෙම හමුව පසුගියදා (2013 නොවැම්බර් 30) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

බෙල්ජියම් ආයෝජකයින් සහ නිෂ්පාදකයින් 26 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර”, මෙය මෑත ඉතිහාසයේ බෙල්ජියමෙන් මෙරටට පැමිණි විශාලතම වාණිජ දූත පිරිසයි. ලෝකයේ උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි, බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ශිල්පීන් වූ, BESIX සමාගමේ නියෝජිතයන්ද මෙම දූත පිරිසට අයත් විය.

ශ‍්‍රී ලංකාව හා චීනය අතර ද්වීපාර්ශ්වික වෙළඳාම අඛණ්ඩ වර්ධනයක් පෙන්වන අතර 2012 දී දෙරට අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් මිලියන 2676 ක් විය. ශ‍්‍රී ලංකාව හා බෙල්ජියම අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් මිලියන 826.37 ක් වේ. සැලකිය යුතු දියමන්ති ධාරිතාවයක් දෙරට අතර හුවමාරු වන අතර බෙල්ජියම විසින් 2012 දී ඇ.ඩො. මිලියන 241 ක දියමන්ති ශ‍්‍රී ලංකාවෙන් මිළදී ගනු ලැබිය.

belgium pix 2

මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් පළකරමින් පියරේ මහතා කියා සිටියේ, චීන ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ශ‍්‍රී ලංකා අපනයන වර්ධනය කිරීමට උපකාරී වන ප‍්‍රබල සාධකයක් වනු ඇති බවයි. එමෙන්ම ඔහු තවදුටත් කියා සිටියේ, චීන වෙළඳපොළ තුළට ප‍්‍රවිශ්ඨ වීම අනෙකුත් රටවලට හා ජාත්‍යන්තර සමාගම් වලට තරමක අපහසු කාර්ය්‍යක් වුවද ශ‍්‍රී ලංකාව එය සාර්ථකව ජයගෙන ඇති බවයි. මෙය ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම ප‍්‍රවර්ධනය වීමට බලපාන ප‍්‍රබල හේතුවක් බවද භෙතෙම වැඩිදුරටත් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *