වව්නියාව ගාමිණී මහා විද්‍යාලයේ අලුතින් ඉදි කළ ගුරු නේවාසිකාගාරය ගුරු අයිතියට පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 20 වැනිදා සිදු කෙරිණ.
මෙම අවස්ථාවට උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී වී. ජයතිලක, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් යන මහත්වරු, පාසල් දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.