ස්වයං රැකියා ඇරැඹීමට උපකරණ

ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙන් පැවැත්වූ පාඨමාලා සාර්ථකව නිම කළ පුහුණුලාභීන්ට සහතික පිරිනැමීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 20 වැනිදා වව්නියාවේදී පැවැත්විණ.
පාඨමාලා සාර්ථකව නිම කළ පුහුණු ලාභීන්ට අමාත්‍යවරයා අතින් සහතිකපත් පිරිනැමිණයට අමතරව ස්වයං රැකියා ආරම්භ කිරීමට අදහස් කරන පුහුණු ලාබීන්ට මහන මැෂින් ඇතුළු උපකරණ ලබාදීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මෙම අවස්ථාවට උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී වී. ජයතිලක, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් යන මහත්වරු, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *