ජාතික මොස්තර මධ්‍යස්ථානයේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා පැවැත්විණ.

ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ පාඨමාලා සාර්ථකව නිම කළ පුහුණුලාභීන් රැසකට අමාත්‍යවරයා අතින් ඩිප්ලෝමා සහතික පිරිනැමිණ. මෙම අවස්ථාවට ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *