“ශිල්ප අභිමානී 2019” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 06 වැනිදා පැවැත්විණ.

හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ හස්ත කර්මාන්ත ශිල්පීන් රැසක් එහිදී ජනාධිපති හස්ත කර්මාන්ත සම්මානවලින් පිදුම් ලැබූහු.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ජාතික ශිල්ප සභාවේ සභාපති හේෂානි බෝගොල්ලාගම, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *