ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය පළ කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුවේදී තීරණය කෙරිණ. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පසුගිය දා පැවැත්විණ.

මෙම අවස්ථාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, මහජන නිජෝජිතයන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *