පාසල් දරුවන්ට, ස්වයං රැකියාලාභීන්ට, පාසල් සඳහා උපකරණ බෙදාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය සර් රාසික් ෆරීඞ් විද්‍යාලයේදී පසුගිය දා පැවැත්විණ.

බස්නාහිර පළාත් සභා (හිටපු) මන්ත්‍රී මොහොමඞ් ෆායිස් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී පාසල් දරුවන්ට පාසල් උපකරණ, සපත්තු ලබදීම, පාසල් සඳහා ඡායාපිටපත් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, සහ තීන්ත ආලේප කිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම, ස්වයං රැකියාලාභීන් සඳහා උපකරණ බෙදා දීම ඇතුළු කාර්යයන් රැසක් එහිදී සිදු කෙරිණ.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා (හිටපු) මන්ත්‍රී මොහොමඞ් ෆායිස් මහතා, පාසල් දරුවන්, පාසල් ප්‍රධානීන්, ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *