කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා සැප්තැම්බර් මස 05 දින මැලේසියාවේ පැවැති ‘‘ඩෙවෝස් ආසියා“ නමැති ජාත්‍යන්තර සංවර්ධන සංවාදය සඳහා සහභාගී වූයේය.

ග්‍රාමීය බැංකු ක්‍රමයේ නිර්මාතෘ නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යූනුස් මහතා ද මේ සංවාදය සඳහා එක්ව සිටියේය. එහිදී ගෝලීය හා රාජ්‍ය සංවර්ධන ක්ෂේත්‍රෙය් දැනුම හා අදහස් හුවමාරුව ප්‍රවර්ධනය කර ගැනීම සිදුකැරිණි.  

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බදුයිදීන් කියා සිටියේ ශ්‍රී ලංකාවට ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා අනගි අවස්ථාවක් ලැබී ඇති බවයි.

‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වී පිහිටුවා තිබෙන ජාතික රජය යටතේ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මෙවැනි අගනා අවස්ථාවක් යළි කිසිම දිනක උදාවන්නේ නැහැ. එයින් නිසි ප්‍රෙයා්ජනය ගැනීමට අපි සූදානම්. තිරසාර සංවර්ධන ඉලක්ක අනුව අපි අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් සමාජයත් මේ සංවර්ධනයේ කොටස්කරුවකු බවට පත්කර ගනිමින් කටයුතු කරනවා. “ යැයි ද අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මේ සමුළුවේ දී කියා සිටියේය.

මේ සමුළුව මැලේසියාවේ පැන්කෝර් දූපතේ පැවති අතර ඒ සඳහා රටවල් 16 ක නියෝජිතයෝ සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *