වව්නියාව නගරයට විශාල අඩුවක්ව පැවති බස් නැවතුම්පොළ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා සිදුකැරිණි.

නව බස් නැවතුම්පොළ ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 1950ක් වැය කැර තිබිණි. අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ 13ක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇති මෙහි වව්නියාව අවට බස් මාර්ග 23ක් සඳහා ද පහසුකම් සහිතය. මේ බස් නැවතුම්පොළ මගීන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.

මේ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා ද සහභාගී වූහ. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍ය පා.ඩෙනිෂ්වරන් ඇතුළු මැති ඇමතිවරු ද මේ උත්සව අවස්ථාවට එක්ව සිටියහ.

 

IMG_5363 IMG_5360 IMG_5354 IMG_5348

Leave a Reply

Your email address will not be published. Required fields are marked *