ලංකා පැක් 2017 ජාත්‍යන්තර ඇසුරුම් සහ මුද්‍රණ ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුව……
ලංකා පැක් 2017 ජාත්‍යන්තර ඇසුරුම් සහ මුද්‍රණ ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 13දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි. එම ප්‍රදර්ශනය ඔක්තෝබර් 27,28,29 යන තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව මේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.