ඇමරිකාවෙන් GSP සහනය ඇතුළු වෙළෙඳ ප්‍රතිලාභ ලැබීමත් සමඟ මෙරට ඇඟළුම් අපනයන වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පවසයි.

2017 වසරේදී වාර්ෂික අපනයන වටිනාකම ඩොලර් බිලියන 4.8 ක්    වු අතර  මේ වසර අවසාන වන විට ඩොලර් බිලියන 5 ට වැඩි අපනයන ආදායමක් අපේක්ෂා කරන බව  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සදහන් කරයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පසුගිය දා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අයිසෙක් 2018 ඇඟලුම් කර්මාන්ත මහා ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවේදී ය. ද්වී වාර්ෂිකව පැවැත්වෙන මෙම AISEX ඇඟලුම් ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ කරන ලද්දේ 1998 වසරේදීය.

මෙවර එය පැවැත්වෙන්නේ 8 වැනි වරටය.  මෙම ඇඟලුම් ප්‍රදර්ශනය සඳහා ඇඟලුම්  කර්මාන්තයට සම්බන්ධ අතිවිශාල පාර්ශවකරුවන් පිරිසක් සහභාගී වී ඇත. ශ්‍රී ලංකා ඇඟලුම් ආයතනය, ඒකාබද්ධ ඇඟලුම් සංසදය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය හා ශ්‍රී ලංකා අපයනයකරුවන්ගේ සංගමයද එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *