කින්නයා මූලික රෝහල ට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසක් 16 වැනිදා එම රෝහලේ සංචාරයක නිරතවිණි. එහිදී අමාත්‍යවරයා විසින් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීය. සෞඛ්‍ය බලධාරීන් හා සාකච්ඡා කළ අමාත්‍යවරයා රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 7.9ක මූල්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බව කීය.

මෙයට අමතරව කින්නයා ප්‍රදේශයේ ඩෙංගු අවධානම් තත්ත්වය පිළිබඳව ද සොයා බැලූ අමාත්‍යවරයා ඩෙංගු මර්ධනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද කීය. මදුරු තර්ජනයට මුහුණ දී සිටින ජනතාවට මදුරු දැල් බෙදා දීමට ද කටයුතු කෙරෙනි.

17264826_173566763158775_6496513040910168766_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *