කොකේන් සිදුවීමට සතොස ආයතනයේ කිසිදු සම්බන්ධතවයක් නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා 28 දා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

තමන් අමාත්‍යධූරයට පත් වූ දින සිට සතොස ආයතනය මඟින් කිසිදු භාණ්ඩයක් ආනයනය කර නොමති බවත් පෞද්ගලික භාණ්ඩ සැපයුම්කරුවන් මඟින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

සිද්ධියට සම්බන්ධ කොකේන් තොගය සම්බන්ධයෙන් සතොස නිලධාරීන් විසින් පොලීසිය දැනුවත් කිරීමට ද කටයුතු කර තිබූ බවත් පරීක්ෂණ අවසන් වන තෙක් සීනි ගෙන් වූ පෞද්ගලික ආයතනයෙන් භාණ්ඩ මිලදී ගැනීම තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

(උපුටා ගැනීමකි – ජාතික රූපවාහිනී නිල වෙබ් අඩවිය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *