කොළඹ, ඔරුගොඩවත්තේ ඇමරිකානු ඩොලර් 11,571,581 වියදමින් ඉදි කළ ජාතික වෘත්තීය පුහුණු අයතනය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන යන මැතිතුමන්ලා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගීත්වයෙන් 20දා පැවැත්විණ.

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු පිළිගත් වෘත්තිකයන් ලෙස ඵළදායී ආර්ථික කාර්යයක නිරතවිය හැකි පිරිසක් බවට පත් කිරීම සඳහා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා කොරියන් රජයෙන් කළ ඉල්ලීමක් අනුව කොරියානු ආධාර මත ජාතික වෘත්තීය පුහුණු ආයතනය ඉදි කෙරිණ. වර්ථමානයට ගැලපෙන වෘත්තීය පාඨමාලා රැසක් හැදෑරීමට මෙහිදී සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් රංජිත් අශෝක මහතා වෘත්තීය පුහුණු අධිකාරියේ ඉහළ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සිසුදරුවන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *